Saturday, September 8, 2012

September 9, 2012 at 3:26 am | Lanka C News.

අනවසර උපුටාගැනීම් සහිත වෙබ් අඩවි ගූගල් සෙවුම් යන්ත‍්‍රයෙන් පහල දැමේ අනවසරයෙන් ගීත චිත්‍රපට ආදිය අඩංගු කර ඇති හා ඒවා බාගත කර ගැනිමට ඉඩ සලසන වෙබ් අඩවීන් තම සෙවුම් ප්‍රථිපලවලින් පහලට ඇදදැමීමට කටයුතු කරමින් සිටින බව ගූගල් ආයතනය ප්‍රකාශ කරයි.
ඇමරිකානු රජය විසින් මෑතදී ගෙනෙන ලද අනීතික ලෙස උපුටා ගැනීම් වැලක්වීමේ නීතීන් පිලිබදව මීට පෙර ගූගල් ආයතනය නොසලකා සිටින බවක් පෙන්වූ මුත් මෙම නව පියවරයන් තත්වය වෙනස් වී ඇති බව කියා පාන බව විචාරකයන් මත පල කරයි.
අනවසර උපුටා ගැනීම් සහිත වෙබ් අඩවි සෙයුම් ප්‍රථිපලවලින් පහලට යන අතර එම ගොනු සහිත නෛතික මට්ටමේ වෙබ් අඩවි ඉහලට ඒම මෙම සැලැස්ම ඔස්සේ සිදුවනු ඇති බවද ගූගල් ආයතනය වැඩිදුරටත් පවසයි.
මෙලෙස ව්‍යාජ උපුටා ගැනීම් පිලිබදව 2009 වසර පුරාවට තමන් වෙත ලැබුනු පැමිනිලි ප්‍රමානයට සමාන සංඛ්‍යාවක් මෙම වසරේ මුල් මාස 3 තුල තමන් වෙත යොමුවී ඇති බවද ඔවුන් කියා සිටී.

Lanka C News වෙබ් අඩවියෙන්

දැන් ඉතින් පහලටම යන්න වේවි ...  ගූගල් සෙවුම් යන්ත‍්‍රයෙන් .. බාගත කරන්න ..

No comments:

Post a Comment